බලපත්‍ර හා අවසර පත්‍ර පිළිබඳ හැඳින්වීම
1. සීමිත දැව හෙලීමේ බලපත්‍ර (බුරුත, මිල්ල, හල්මිල්ල, කළුවර, කළුමැදිරිය, පළු, කොහොඹ, මී, වෙලන්, හුලංහික්, ගම්මාලු, සූරියමාර, කුඹුක්)
2. දැව හෙලීමේ බලපත්‍ර (කොස් ගස්/ රට දෙල් ගස් / ගැහැණු තල්)
3. දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
4. දැව හෙළීම /ප්‍රවාහන බලපත්‍රවල කාලය දිර්ඝ කිරීම
5. නව උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලපත්‍ර නිකුත් කිරීම
6. උකස් මධ්‍යස්ථාන බලපත්‍ර අලුත් කිරීම
7. සුරා බදු බලපත්‍ර නිකුත් කිරීම හා බලපත්‍ර අලුත් කිරීම
8. උත්සව අවස්ථා සදහා මත්පැන් ළඟ තබා ගැනිමට අවසර ලබාදීම
9. සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
10. ගිනි අවි බලපත්‍ර ලබාදීම සදහා නිර්දේශ නිකුත් කිරීම
11. මී රා බලපත්‍ර නිකුත් කිරීම
12. වාණිජමය හා වාණිජමය නොවන කාර්යයන් සදහා වැලි, බොරළු, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
13. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
සීමිත දැව හෙලීමේ බලපත්‍ර ( බුරුත, මිල්ල, හල්මිල්ල, කළුවර, කළුමැදිරිය, පළු, කොහොඹ, මී, වෙලන්, හුලංහික්, ගම්මාළු, සූරියමාර, කුඹුක්)
- සීමිත දැව හෙලීම සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත (අයදුම්පත්‍ර)
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඉඩම් ඔප්පුවේ පිටපත
- ඉඩමේ අයිතිය ඉල්ලුම්කරුට නොමැති අවස්ථාවක ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- ඉඩමට උරුමක්කරුවන් කිහිපදෙනෙකු සිටින විට ඉල්ලුම්කරු වෙත දැව හෙළීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ලබා ගත් දිවුරුම් ප්‍රකාශය
- අනතුරුදායක බව නිසා හෙළීම සිදු කරන්නේ නම් ප්‍රාදේශීය සභා / නගර සභාවෙන් ගස හෙළීමට දැනුම් දුන් ලිපි
- ඉඩම සම්බන්ධ අධිකරණ තීන්දු අදාළ වන්නේ නම් ඒවා හා ගස හෙළීම සම්බන්ධව උසාවි නියෝග
- විදුලි රැහැන් මාර්ග අවහිරතා හෝ විරෝධතා අවස්ථාවල දී ඊට අදාළ දැනුම් දීමේ ලිපි
- වැට මායිමක ගස පිහිටා ඇත්නම් ඉඩමේ ආසන්න (මායිම්) අයිතිකරු විසින්, ඉල්ලුම්කරු අදාළ ගස කැපීමට විරුද්ධත්වයක් නොමැති බවට ග්‍රාම නිලධාරී ඉදිරියේ කරනු ලබන ප්‍රකාශිත ලිපිය
දැව හෙලීමේ බලපත්‍ර නිකුත් කිරීම(කොස් ගස්/ රට දෙල් ගස් / ගැහැණු තල්)
- දැව හෙලීම සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත
- ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඉඩම් ඔප්පුවේ පිටපත
- ඉඩමේ අයිතිය ඉල්ලුම්කරුට නොමැති අවස්ථාවක ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද ඉඩම් හිමිකරුගේ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- ඉඩමට උරුමක්කරුවන් කිහිපදෙනෙකු සිටින විට ඉල්ලුම්කරු වෙත දැව හෙළීමේ බලපත්‍රයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බවට ලබා ගත් දිවුරුම් ප්‍රකාශය
- අනතුරුදායක බව නිසා හෙළීම සිදු කරන්නේ නම් ප්‍රාදේශීය සභා / නගර සභාවෙන් ගස හෙළීමට දැනුම් දුන් ලිපි
- ඉඩම සම්බන්ධ අධිකරණ තීන්දු අදාළ වන්නේ නම් ඒවා හා ගස හෙළීම සම්බන්ධව උසාවි නියෝග
- විදුලි රැහැන් මාර්ග අවහිරතා හෝ විරෝධතා අවස්ථාවලදී ඊට අදාළ දැනුම් දීමේ ලිපි
- වැට මායිමක ගස පිහිටා ඇත්නම් ඉඩමේ ආසන්න (මායිම්) අයිතිකරු විසින්, ඉල්ලුම්කරු අදාළ ගස කැපීමට විරුද්ධත්වයක් නොමැති බවට ග්‍රාම නිලධාරී ඉදිරියේ කරනු ලබන ප්‍රකාශිත ලිපිය
දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය (අයදුම්පත)
- දැව කඳන්, ඉරූ දැව හෝ දැව භාණ්ඩ පිළිබද ග්‍රාම නිලධාරී වාර්තාව
- කොස් / රට දෙල් / ගැහැණු තල් ගසක් නම් කැපීම සදහා නිකුත් කල බලපත්‍රය
- ග්‍රාම නිලධාරී විසින් සහතික කළ දැව කුට්ටි කිරීමේ ලේඛණය
- අඩවි වන නිර්දේශය
- දුම්රියෙන් ප්‍රවාහනය කරන ලද දැව/දැව භාණ්ඩ නැවත ප්‍රවාහනයට බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රවාහන බලපත්‍රයේ මුල් පිටපත සහ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිල කුවිතාන්සිය (අඩවි වන වාර්තා, ග්‍රාම නිලධාරී වාර්තා හෝ අවශ්‍ය නොවන අතර බලපත්‍ර ගාස්තු අය නොකරයි)
- දැව කඳන්, ඉරූ දැව හෝ දැව භාණ්ඩ මිලට ගැනීමේ කුවිතාන්සිය
නව උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලපත්‍ර නිකුත් කිරීම
- ග්‍රාම නිලධාරී වාර්තාව
- පොලිස් අධිකාරී වාර්තාව
- සමාගම් සංස්ථාගත කිරීමේ සහතිකයේ මුල් පිටපත සහ තවත් පිටපත
- නිති විරෝධී හා අනීතික ක්‍රියාවක් නොකළ බවට දිවුරුම් ප්‍රකාශය
- ගිනි හා සොර බිය ආවරණය වන පරිදි ලබා ගත් රක්ෂණ සහතිකයේ මුල් පිටපත සහ තවත් පිටපත
- හවුල් ව්‍යාපාරයක් නම් හවුල් ගිවිසුම
- බදු ඔප්පුවේ පිටපත
- බලපත්‍ර ගාස්තු - රු. 1000.00
- ඇප - රු.100000.00
- ලියාපදිංචි ගාස්තු - රු.25000.00
සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- සම්පූර්ණ කළ අයදුම් පත්‍රය
- ග්‍රාම නිලධාරීගේ නිර්දේශය
- පශු වෛද්‍ය සහතිකය (සතුන්ගේ සෞඛ්‍ය තත්ත්ව සහතිකය)
- ගව, එළු වවුචර
- සතුන් ප්‍රවාහනයට යොදා ගන්නා වාහනය පිළිබඳ නිර්දේශ වාර්තාව
- එක් සතෙකුට රු.50.00 බැගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මුදල් ගෙවන ලද කුවිතාන්සිය
- ගොවිපළ ලියාපදිංචි සහතිකය
වාණිජමය හා වාණිජමය නොවන කාර්යයන් සඳහා වැලි, බොරළු, පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
- සම්පූර්ණ කළ ඉල්ලුම් පත්‍රය
- ඔප්පුවේ පිටපත
- පිඹුරේ පිටපත (අනිවාර්ය නැත)
- ඉල්ලුම්කරු ඉඩම් හිමියා නොවේ නම්, ඉඩම් හිමියාගෙන් ලබා ගත් දිවුරුම් ප්‍රකාශය හෝ කැමැත්ත ප්‍රකාශිත ලිපිය
- ඛණිජ ප්‍රවාහනය කරන වාහනය හෝ වාහන අංක හා අයිතිකරුගේ ලිපිය
- නිවාස ගෙපළක් පිරවීම සඳහා නම් නිවාස සැලැස්ම ( ග්‍රාම නිලධාරී සහතික කළ)
- හැඳුනුම්පත් පිටපත
වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම
- වාහන ලියාපදිංචි සහතිකය / ලීසිං හෝ ෆිනෑන්ස් සහිත වාහන සඳහා එම ආයතනයෙන් නිකුත් කළ සහතික කළ ලියාපදිංචි සහතිකයේ පිටපත
- රක්ෂණ සහතිකය
- දුම් පරීක්ෂණ වාර්තාව
- කාබන් බදු ගෙවූ රිසිටිපත
- යෝග්‍යතා සහතිකය (ලොරි සහ බස් රථ සඳහා)
- මගී ප්‍රවාහන බස්රථ සඳහා මගී ප්‍රවාහන අධිකාරියේ අවසර පත්‍රය හා එහි ඡායා පිටපත
නැති වූ විනාශ වූ ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීම
- පොලිස් පැමිණිල්ලේ පිටපත
- ලියාපදිංචි සහතිකය
- රක්ෂණ සහතිකය
- අදාළ ඉදිරි කාලසීමාව සඳහා මුදල
තාවකාලික ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම
- තාවකාලික ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එන්ජිම අලුත්වැඩියා කිරීම හේතුවෙන් දුම් පරීක්ෂණ සහතිකය ලබාගත නොහැකි වාහන සඳහා පමණි
- එන්ජිම අලුත්වැඩියා කළ ගරාජයේ ලිපිය
- එන්ජිම අලුත්වැඩියා කිරීම සඳහා අමතර කොටස් මිල දී ගත් බිල් හා රිසිට්
- ගස් කැපීම සඳහා බලපත්‍ර
බාගත කිරීම සඳහා ක්ලික් කරන්න - දැව ප්‍රවාහනය සඳහා බලපත්‍ර (නව/දීර්ඝකිරීම)
බාගත කිරීම සඳහා ක්ලික් කරන්න - වෙළඳ නාම ලියාපදිංචිය සඳහා බලපත්‍ර
බාගත කිරීම සඳහා ක්ලික් කරන්න - ව්‍යාපාරය වසා දැමීම සඳහා බලපත්‍ර
බාගත කිරීම සඳහා ක්ලික් කරන්න














