සමෘද්ධි වැඩසටහන්
මාතලේ දිස්ත්‍රික්කයේ අතිශය දුෂ්කර ප්‍රදේශයක ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය පිහිටා ඇත. මෙම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල උඩසිය, කළු ගඟ හා පල්ලේසිය යන සමෘද්ධි ප්‍රජාමූල බැංකු පිහිටුවා ඇති අතර එම බැංකු වලින් ප්‍රතිලාභ ලබන කොටස්කරුවන් ගණන 4874 කි.
සමෘද්ධි සහනාධාර ලබන පවුල් සංඛ‍්‍යාව 3859 ක් හා එම සහනාධාර ලබන පවුල් පහත ලෙස කලාප මට්ටමින් බෙදී ගොස් ඇත.
|
සමෘද්ධි කලාප |
3500 |
2500 |
1500 |
420 |
එකතුව |
|
උඩසිය |
195 |
108 |
247 |
16 |
566 |
|
පල්ලේසිය |
286 |
217 |
316 |
72 |
891 |
|
කළු ගඟ |
795 |
614 |
836 |
157 |
2402 |
මොරගහකන්ද හා කළු ගඟ ජලාශ සංවර්ධන වැඩසටහන මඟින් පිබිදීමකට ලක්ව ඇති මෙම ප්‍රදේශවල අඩු අදායම්ලාභී පවුල් නගාසිටුවීමට සමෘද්ධි වැඩ සටහන තුලින් අනුපමේය මෙහෙවරක් සිදු කරමින් සිටියි.
නව පදිංචිකරුවන් විශාල ප්‍රමාණයක් සිටින මෙම ප්‍රදේශයේ ගොවිතැන ප්‍රධාන ජීවන වෘත්තිය වන අතර රිවස්ටන් ආශ්‍රිත උඩසිය හා ලකේගල ආශ්‍රිත පල්ලේසිය සංචාරක ආකර්ශනය සහිත ප්‍රදේශ වේ. සමෘද්ධි ප්‍රජාමූල බැංකු මඟින් මෙම ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට ව‍්‍යාපෘති බල ගැන්වීම උදෙසා රු. 431659140.00 ක ණය මුදල් මුදාහැර ඇත. මේ වන විට උඩසිය,පල්ලේසිය හා කළු ගඟ බැංකු ආශ්‍රිත මුළු තැන්පත් රු. 299037843.00 ක් පමණ ඒකරාශිකරණ කර ඇත. ණය නිදහස් කිරීමෙන් පසු ඉතිරි වූ අතිරික්ත අරමුදල් රු. 1089763740.00ක මුදලක් වානිජ බැංකු වල ආයෝජනය කර ඇත.














